බංග්ලාදේශ මහ මැතිවරණය 2025 අගභාගයේදී හෝ 2026 මුලදී

බංග්ලාදේශ මහ මැතිවරණය 2025 අගභාගයේදී හෝ 2026 මුලදී

බංග්ලාදේශ මහ මැතිවරණය 2025 අගභාගයේදී හෝ 2026 මුලදී පැවැත්වෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, අන්තර්වාර නායක මුහම්මද් යුනුස්ගේ ප්‍රකාශයකට අනුවයි.

ඔහු මේ බව සඳහන් කර තිබුණේ, බංග්ලාදේශය නිදහස දිනා ගැනීමේ 53 වැනි සංවත්සරය වෙනුවෙන් පැවති ජාතික විකාශනයකදී යි.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ සම්පූර්ණ ලැයිස්තුවක් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව මැතිවරණ මාස කිහිපයකින් ප්‍රමාද විය හැකි බවයි.

මුහම්මද් යුනුස් රටේ අන්තර්වාර නායක බවට පත්වූයේ, අගෝස්තු මාසයේ ශිෂ්‍ය නායකත්වයෙන් යුක්තව ක්‍රියාත්මක මහජන විප්ලවයෙන් පසු ස්ථාපිත භාරකාර ආණ්ඩුව සඳහායි.

එහි ප්‍රතිඵලයක් ලෙස හිටපු අගමැතිනි ෂීක් හසීනාව බලයෙන් නෙරපා දමන ලදී.

ඉන් පසුව රටේ අන්තර්වාර නායක වූ යුනුස් හට මේ වන විට මැතිවරණය සඳහා දිනයක් නියම කරන මැයෙන් එල්ල වන පීඩනය ඉහළ යමින් පවතියි.

Share This