සෞඛ්‍ය සේවා ප්‍රධාන විධායක නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් ලුයිගි මැන්ජියෝන්ට පළමු මට්ටමේ මිනීමැරුම් චෝදනා
පසුගියදා අමෙරිකාවෙන් වාර්තා වූ සෞඛ්‍ය සේවා ප්‍රධාන විධායක නිලධාරී බ්‍රයන් තොම්සන් ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වූ ලුයිගි මැන්ජියෝන්ට පළමු මට්ටමේ මිනීමැරුම් චෝදනා එල්ලව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔහුට මෙලෙස චෝදනා එල්ලව ඇත්තේ, ඊයේ පැවති නඩු විභාගය අතරතුරයි.
හොඳින් සැලසුම් කරන ලද මෙම ඝාතනය, භීෂණය වැපිරවීම අරමුණු කරගත් එකක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
ඒ අනුව මැන්ජියෝන්ට එල්ලව ඇති චෝදනා මත ඔහු පිටුවහල් කරන්නේද යන්න සම්බන්ධයෙන් දෙසැම්බර් 19 වන දිනට නියමිත නඩු විභාගයෙන් තීන්දු කරනු ඇති බව සඳහන්.
එලෙස පිටුවහල් කළහොත්, 26 හැවිරිදි ඔහු රිකර්ස් දූපතේ හෝ නිව්යෝර්ක් හි වෙනත් බන්ධනාගාරයක රඳවා තබා ගැනීමට ඉඩ ඇති බවත් සඳහන්.
යුනයිටඩ් හෙල්ත්කෙයාර් ප්‍රධාන විධායක නිලධාරී බ්‍රයන් තොම්සන්ව වෙඩි තබා ඝාතනය කරන ලද්දේ මිඩ්ටවුන් මැන්හැටන්හිදී යි.
ඝාතනය සිදුවන අවස්ථාවේදී ඔහු, සමාගමේ වාර්ෂික ආයෝජක සමුළුව පවත්වන හෝටලය දෙසට ගමන් කරමින් තිබුණා.