ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ නව සභාපති ලෙස රත්න ශ්‍රී විජේසිංහට
![ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ නව සභාපති ලෙස රත්න ශ්‍රී විජේසිංහට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ නව සභාපති ලෙස රත්න ශ්‍රී විජේසිංහට](https://monara.com/wp-content/uploads/2024/12/Ratna-Sri-Wijesinghe-appointed-as-new-Chairman-of-the-National-Library.jpg)
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා පත් කර තිබෙනවා.
ඒ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින්.
රත්න ශ්‍රී විජේසිංහ මහතා එහි 20 වන සභාපතිවරයා වන බව සඳහන්.
සුනේත්‍රා රාජකරුණානායක, අබ්දුල් රසාක් අබ්දුල් කරීම්, සිවසාමි රාජසිංහම්, ආචාර්ය වසන්තා සුබසිංහ, ආචාර්ය ආනන්ද තිස්ස සහ පී. හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් එහි අධ්යක්ෂ මණ්ඩලය ලෙස පත් කිරීමට අමාත්‍යවරයා කටයුතු කර ඇත්තේ.
එමෙන්ම ඔවුන් 06 දෙනා වෙත අමාත්‍යංශ පරිශ්‍රයේදී අද (16) පෙරවරුවේ පත්වීම් ලිපි භාරදුන් බව සඳහන්.
ඉන් අනතුරුව අනතුරුව නව සභාපතිවරයා සහ අධ්යක්ෂ මණ්ඩල සමාජිකයන් ජාතික පුස්තකාල පරිශ්‍රයේදී සිය රාජකාරි කටයුතු අරම්භ කළ බවයි, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේ.