වරාය නගර ආර්ථික කොමිසමට පත්කළ සාමාජිකයන්

වරාය නගර ආර්ථික කොමිසමට පත්කළ සාමාජිකයන්

කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කරනු ලැබ තිබෙනවා.

ඒ ජනාධිපති අනුර දිසානායක මහතා විසින්.

ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා කොමිසමේ සාමාජිකයින් වෙත අද (13) ජනාධිපති කාර්යාලයේදී පිරිනැමුවා.

ඒ අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා පත් කර ඇති අතර, ඩේමියන් අමල් කබ්රාල්, මොහාන් රේ අබේවර්ධන, සංජය කුලතුංග සහ ආචාර්ය හර්ෂ සුබසිංහ එම කමිටුවේ සෙසු සාමාජිකයන් වනවා.

Share This