නියෝජ්‍ය කතානායක සිය අධ්‍යාපන සුදුසුකම් හෙළි කරයි
නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි මහතා සිය අධ්‍යාපන සුදුසුකම් හෙළි කර තිබෙනවා.
ඒ, ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සමාජය තුළ කතාබහක් නිර්මාණයවී ඇති පසුබිමකයි.
සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින්, රිස්වි සාලි මහතා සඳහන් කර ඇත්තේ, නායකත්වය පිළිබඳ විශ්වාසය හා වගවීම පවත්වා ගැනීමේ අත්‍යවශ්‍ය හේතුවෙන් වෘත්තීය සුදුසුම් අනාවරණ කරන බවයි.
නියෝජ්‍ය කතානායකවරයා 1986 වසරේ පකිස්ථානයේ මුල්තාන්හි නිෂ්තාර් වෛද්‍ය විද්‍යාලයෙන් සිය උපාධිය සම්පූර්ණ කර තිබෙනවා.
එමෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයෙන් Laryngo Otorhinology (DLO) ඩිප්ලෝමාව ද අවසන් කර ඇති බව සඳහන්.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී වසර 38ක කාලයක් වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කළ බවයි, රිස්වි සාලි මහතා කියාසිටියේ.
පිට පළාත්වල මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති විවිධ රෝහල්වල ද ඔහු සේවය කර තිබෙනවා.
රජයේ වෛද්‍යවරයෙක් ලෙස වසර 12ක් සේවය කර ඇති බව සඳහන්.
ඉන් අනතුරුව සාමාන්‍ය වෛද්‍යවරයෙක් ලෙස ප්‍රජාව වෙනුවෙන් තම සේවය කළ බවයි, රිස්වි සාලි මහතා තැබූ සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ.