නිරිත දිග බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය තවදුරටත්

ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්ම වු වැසි

නිරිත දිග බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය තවදුරටත්

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එය ඉදිරි පැය 24 තුළ බටහිරට බරව වයඹ දෙසට සෙමින් ගමන් කරමින්, ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ වෙත ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ, සහ බස්නාහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණතරමක් තද වැසි ඇතිවන බව සඳහන්.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා.

මධ්‍යම, සබරගමුව, දකුණ, සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

Share This