ලංකා කම්කරු කොංග්‍රසය, ප්‍රතිසංවිධානය කිරිමට ජාතික සභාව තිරණය කරයි
ලංකා කම්කරු කොංග්‍රසය ප්‍රතිසංවිධානය කිරීමට, එම පක්ෂයේ ජාතික සභාව තීරණය කළ බව, පක්ෂ ජ්‍යෙෂ්ට උප සභාපති කනපති කනගරාජ් මහතා පවසනවා.
එමෙන්ම ඉදිරියේදි පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතනවල බලය ලංකා කම්කරු කොංග්‍රසය සතු කර ගැනිමට ද ජාතික සභාව තීරණය කළ බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
එම පක්ෂයේ නායක සෙන්දිල් තොණ්ඩමන් සහ මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ජීවන් තොණ්ඩමන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (11) හැටන් කොටගල ලංකා කම්කරු කොංග්රස් මුලස්ථානයේ පැවති ජාතික සභාවේ ගත් තීරණ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරමින් කනපති කනගරාජ් මහතා මේ බව කියා සිටියා.
තම පක්ෂය ලබන වසරේ ජනවාරි මස ප්රතිසංවිධාන කටයුතු සිදු කරන බවත්, එහිදි පක්ෂ නායකත්වය හැර අනෙකුත් නිලයන් වෙනස් කර ඒ සදහා තරුණ කණ්ඩායම් පත් කර, එම කණ්ඩායම්වල අදහස් ලබා ගනිමින් ලංකා කම්කරු කොංග්‍රසය යළිත් ශක්තිමත් කරන බවයි කනපති කනගරාජ් මහතා පැවසුවේ.
ජිවන් තොණ්ඩමන් මහතා වතුකරයේ ජනතාවට හිමිකම් ඔප්පු ලබාදීමේ වැඩසටහනක් දියත් කර තිබු බවත්, එම වැඩසටහන වත්මන් රජය මගින්ද සිදු කිරිම සම්බන්ධයෙන් රජයට සහය දක්වන බවත් ඔහු එහිදී අවධාරණය කළා.
වතු කම්කරුවන්ගේ යටිතල පහසුකම් නංවාලිමට ජීවන් තොණ්ඩමන් මහතා දියත් කළ වැඩපිලිවෙල එලෙසම පවත්වාගෙන යන ලෙසත්, ඒ සඳහා ලංකා කම්කරු කොංග්‍රසයේ පුර්ණ සහයෝගය රජය වෙත ලබාදෙන බවත් කනපති කනගරාජ් මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියා.