ජාතික සත්වෝද්‍යාන නව නිල වෙබ් අඩවිය එළිදැක්වෙයි

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව නිල වෙබ් අඩවිය සහ රිදීයගම සෆාරි උද්‍යානයේ නවීකරණය කළ සමනළ උයන ඊයේ (03) විවෘත කරලා තියෙනවා.
විශේෂත්වය වන්නේ වසර 8කට ආසන්න කාලයක් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට නිල වෙබ් අඩවියක් නොතිබීමයි. ඩිජිටල් තාක්ෂණය සමඟ ඉදිරියට යාමේ අරමුණින් මෙම නව වෙබ් අඩවිය හඳුන්වා දුන්නා.
නව වෙබ් අඩවියhttps://nationalzoo.gov.lk/ ලෙස ජනතාවට විවෘතයි.
මේ අවස්ථාවේදී රිදීයගම සෆාරි උද්‍යානය සංවිධානය කළ “සෆාරියේ දවසක්” පාසල් චිත්‍ර තරගයේ ජයග්‍රාහක දරුවන්ට ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීමත් සිදුකර කරනවා.
උත්සවයට පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුල වෙළඳගොඩ මහතා, පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බුවනෙක හේරත් මහතා, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්. සී. රාජපක්ෂ මහතා, අම්බලන්තොට සහ සූරියවැව ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්, වෙබ් අඩවිය නිර්මාණය කළ සමාගම නියෝජනය කරමින් තිලිණ නුවන් කුරුකුලසූරිය මහතා, චිත්‍ර තරගයේ ජයග්‍රාහක දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන්ද සහභාගී වුනා.
මෙම වැඩසටහන හරහා රිදීයගම සෆාරි උද්‍යානයේ පහසුකම් තවදුරටත් දියුණු කිරීමත්, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සේවාවන් ජනතාවට වඩාත් පහසුවෙන් අන්තර්ජාලය ඔස්සේ ලබාදීමත් මෙහි අරමුණක්.
