ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නිෂාන් වේලුපිල්ලේට FIFA ලෝක කුසලානයට අවස්ථාවක්

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පාපන්දු ක්‍රීඩක නිෂාන් වේලුපිල්ලේ, 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා වන Australia men’s national soccer team සංචිතයට ඇතුළත් කර තිබෙනවා.
25 හැවිරිදි නිෂාන්ගේ පියා ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මැලේසියානු ජාතිකයෙකු වන අතර, ඔහුගේ මව ඉන්දීය ජාතික කාන්තාවක් බව සඳහන් වෙනවා.
වර්තමානයේ ඔහු මෙල්බර්න් වික්ටරි කණ්ඩායම නියෝජනය කරමින් ඔස්ට්‍රේලියාවේ A-ලීග් පාපන්දු තරගාවලියේ ක්‍රීඩා කරනවා.
2026 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරග වටයේදී චීනය සමඟ පැවති තරගයේදී ජාත්‍යන්තර වරම් දිනාගත් නිෂාන්, එහිදී කැපී පෙනෙන දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සමත් වුණා.
එම දක්ෂතා සැලකිල්ලට ගනිමින්, මෙවර 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා වන ඔස්ට්‍රේලියානු සංචිතයට ඔහු ඇතුළත් කර තිබීම ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ක්‍රීඩකයෙකුට ලැබුණු විශේෂ ජයග්‍රහණයක් ලෙස සැලකෙනවා.
