21 වැනි සියවසේ විශිෂ්ටතම පන්දු යවන්නා මුරලි

අන්තර්ජාතික ක්‍රිකට් ක්ෂේත්රයේ ප්රබලතම වෙබ් අඩවියක් වන ESPNcricinfo විසින් සිදු කළ විශේෂ තේරීමකදී, 2000 සිට 2025 දක්වා කාලය තුළ ලෝකයේ විශිෂ්ටතම පන්දු යවන්නා ලෙස ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පුරාවෘත්තයක් වන මුත්තයියා මුරලිදරන් නම් කරලා.
මෙම තේරීම් ක්‍රියාවලියේදී ලොව විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයින් 25 දෙනාගේ ලැයිස්තුවක්ද සකස් කර ඇති අතර, එහි මුත්තයියා මුරලිදරන් සිව්වැනි ස්ථානයටද පත්වී තියෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර හත්වැනි ස්ථානයටත්, හිටපු නායක මහේල ජයවර්ධන 21 වැනි ස්ථානයටත් තේරී පත් වෙලා.
මෙම විශේෂ ඇගයීම සඳහා ලොව ප්‍රකට හිටපු සහ වත්මන් ක්‍රිකට් චරිත රැසක් ඇතුළත් ජූරි මණ්ඩලයක් එක්ව තිබූ අතර, වසීම් අක්රම්, ග්‍රෙග් චැපල්, ෆැෆ් ඩු ප්ලෙසිස්, මැතිව් හේඩන්, ඇන්ජලෝ මැතිව්ස්, ඉයන් මෝගන් සහ රවි ශාස්ත්‍රි ඇතුළු ප්‍රකට පුද්ගලයින් ඊට දායක වෙලා තිබුණා.
මෙම තේරීම් අනුව 21 වැනි සියවසේ විශිෂ්ටතම පිතිකරු ලෙස සචින් ටෙන්ඩුල්කාර් නම් කර ඇති අතර, විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩකයා ලෙස ජැක් කලීස් තේරී පත් වුණා.
කාන්තා ක්‍රිකට් ක්ෂේත්රයේ 21 වැනි සියවසේ විශිෂ්ටතම ක්‍රීඩිකාව ලෙස එලිස් පෙරී නම් කර ඇති අතර, විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම පිතිකරු ලෙස ඒ.බී. ඩි විලියර්ස් සහ විශිෂ්ටතම පන්දු යවන්නා ලෙස ජස්ප්‍රිට් බුම්රා තේරී පත්ව තිබෙනවා.
