අභියෝගාත්මක තත්ත්වය හමුවේ සැවොම එකතු වෙමු – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රට අද මුහුණ දීලා ඉන්න අභියෝගාත්මක තත්ත්වය හමුවේ බෙදිලා වෙන්වෙලා ඉන්නවා වෙනුවට, හැමෝම එකතු වෙලා ඒ අභියෝගවලට මුහුණ දිය යුතු බව විපක්ෂ නායක Sajith Premadasa පවසනවා.

ඔහු කියන්නේ මේ වන විට රටේ ජනතාව විවිධ ආකාරයේ අනාරක්ෂිත සහ බරපතළ අභියෝගවලට මුහුණ දී සිටින බවයි. ඒ නිසා ජනතාව එම තත්ත්වයෙන් ආරක්ෂා කරගෙන, රටේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව, ස්වෛරීත්වය සහ දේශපාලන නිදහස ආරක්ෂා වන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු සඳහන් කරනවා.

තවද, දේශීය සහ ජාත්‍යන්තර සිදුවීම් හේතුවෙන් ජනතාවගේ දෛනික ජීවිතය දැඩි පීඩනයකට සහ අපහසුතාවකට පත්ව ඇති බවත්, එවැනි අවස්ථාවල ජනතාව ආගම්, ජාති, කුල, පන්ති හෝ දේශපාලන භේද අමතක කරලා එකමුතුව කටයුතු කළ යුතු බවත් ඔහු අවධාරණය කරනවා.

සහෝදරත්වය, සංහිඳියාව සහ එකමුතුකම තුළින් රට මුහුණ දෙන අභියෝග ජයගත හැකි බවද විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.

Share This