සුරේෂ් සලේ දිවින_සාගන්න හදයිලු?

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ගැන කුමන්ත්‍රණය කළා කියලා සැකපිට අත්අඩංගුවේ ඉන්න හිටපු බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජනරාල් සුරේෂ් සලේට සියදිවි න-සාගැනීමේ අවදානමක් තියෙනවා කියලා ඔහුගේ නීතිඥයන් අධිකරණයට දැනුම් දීලා තියෙනවා.

ඒ ගැන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අද (03) නඩුව කැඳවපු වෙලාවේ ඔවුන් මේ කරුණු කියලා තියෙන්නේ.

නීතිඥයන් කියන්නේ සුරේෂ් සලේට කාන්සාව, විශාදය සහ PTSD කියන මානසික තත්ත්වයන් තියෙනවා කියලා අධිකරණ වෛද්‍ය වාර්තාවලත් සඳහන් වෙනවා කියලා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) තුළදී ඔහුට වධහිංසා සිදුවීම නිසා මේ තත්ත්වය ඇතිවෙන්න බලපෑමක් වෙලා තියෙනවා කියලාත් ඔවුන් කියලා තියෙනවා.

ඒ නිසා ඔහු CID එකෙන් වෙනත් ස්ථානයකට ගෙන ගිහින්, හොඳ මානසික ප්‍රතිකාර ලබාදෙන්න කියලා නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා තියෙනවා.

ඒත් මේ නඩුව කැඳවද්දී CID එක, නීතිපති දෙපාර්තමේන්තුව සහ අගතියට පත් පාර්ශවය නියෝජනය කරන නීතිඥයන් කිසිවෙක් අධිකරණයට පෙනී හිටලා නැහැ.

ඒ නිසා මහේස්ත්‍රාත්වරයා ඒ පාර්ශවවලට නොතිස් නිකුත් කරලා තියෙනවා.

මේ නඩුව හෙට (ජූනි 04) නැවත විභාගයට ගෙන මේ කරුණු ආයෙත් සලකා බලන්න නියමිතයි.

Share This