දෙමටගොඩ චමින්දගේ රිවොල්වර ගිනි අවි 19 ක්, කෝටියක මත්පෙති අල්ලයි – චමින්දගේ පුත්‍රයාගේ වැඩක්?

මරණ දණ්ඩනය නියම වෙලා බූස්ස බන්ධනාගාරයේ ඉන්න දෙමටගොඩ චමින්දගේ පවුලේ අයට අයත් බව කියන රිවෝල්වර් වර්ගයේ ගිනි අවි 19ක් සහ රුපියල් කෝටියකට වඩා වටිනා මත්පෙති තොගයක් දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී පොලිසිය සොයාගෙන තිබෙනවා.

මේ මෙහෙයුම කරලා තියෙන්නේ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින්.

වැටලීමේදී එම නිවසේ සිටි පුද්ගලයන් සිව්දෙනෙකුත් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය කියන්නේ සොයාගත් ගිනි අවි 19ම මෙරට නිෂ්පාදිත ඒවා බවයි. ඒ වගේම එම ස්ථානයෙන් මත්පෙති ලක්ෂයකට වැඩි ප්‍රමාණයක්ද සොයාගෙන තිබෙනවා.

විමර්ශනවලට අනුව මේ ගිනි අවි සහ මත්පෙති තොගය ඩුබායිහි සිටින මලීෂ නමැති පුද්ගලයෙකුට අයත් බවට සැක කෙරෙනවා. ඔහු මරණ දණ්ඩනය නියම වී සිටින දෙමටගොඩ චමින්දගේ පුත්‍රයා බවත් පොලිසිය පවසනවා.

තවද මීට මාස තුනකට පමණ පෙර මෙම දෙමහල් නිවසේ ඉහළ මහල කුලියට ගෙන, ගිනි අවි සහ මත්පෙති එහි සඟවා තබා තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කරනවා.

 

Share This