දෙවන සටන් විරාමයට Trump අත්සන් කරයිද?

ඇමරිකාව සහ ඉරානය අතර පවතින සටන් විරාමය තවත් දින 60කින් දීර්ඝ කිරීම සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනයට තිබූ සීමා ඉවත් කිරීම පිළිබඳ එකඟතාවකට දෙරට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත්, එම ගිවිසුමට ඇමරිකානු ජනාධිපති Donald Trump තවමත් අවසන් අනුමැතිය ලබාදී නොමැති අතර, ඉරාන රාජ්‍ය මාධ්‍ය සඳහන් කරන්නේ ගිවිසුමේ අවසන් ලේඛනය මෙතෙක් තහවුරු කරලා නැහැ.

මෙම එකඟතාවය ක්‍රියාත්මක වුවහොත්, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ඇතුළු ගැටලු පිළිබඳ සාකච්ඡා දිගටම පවත්වාගෙන යාමට අවස්ථාව සැලසෙන අතර, පෙබරවාරි 28 සිට ආරම්භ වූ ගැටුමෙන් පසු සාමය සඳහා ගත් විශාලම පියවරක් ලෙසද එය සලකනවා.

එමෙන්ම සටන් විරාමය ආරම්භ වූ අප්‍රේල් මාසයෙන් පසුවද දෙරට අතර ප්‍රතිප්‍රහාර කිහිපයක් එල්ල වූ බව විදෙස් වාර්තාවල සඳහන්.

Share This