පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල සෞඛ්‍ය සම්බන්ධීකරණ සමුළුව ජිනීවාහිදී පැවැත්වෙයි
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර මේ ද
වස්වල පැවැත්වෙන 79 වැනි ලෝක සෞඛ්‍ය සමුළුවත් සමඟ, පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (16) පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල සෞඛ්‍ය සම්බන්ධීකරණ සමුළුව පැවැත්වුණා. මෙයට පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්වුණා.
සමුළුවේ ප්‍රධාන තේමාව වුණේ “පොදුරාජ්‍ය මණ්ඩලය තුළ පිළිකා මර්දනයේ අනාගතය හැඩගැස්වීම” යන්නයි. Lancet Oncology වාර්තාවේ නිර්දේශ මත පදනම්ව, පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් අතර පිළිකා මර්දනය සඳහා ඒකාබද්ධ සැලැස්මක් සකස් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වුණා.
මෙම වැඩසටහන පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කර තිබුණා. එය ගයනා හි හිටපු සෞඛ්‍ය අමාත්‍ය Leslie Ramsammy මහතා විසින් මෙහෙයවනු ලැබුවා.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසත්, WHO දකුණු සහ අග්නිදිග ආසියානු කලාපීය සභාවේ සභාපතිවරයා ලෙසත් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගී වුණා. ඔහු සමඟ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනීල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එස්. ශ්‍රීධරන් සහ ජිනීවාහි ශ්‍රී ලංකා නියෝජිත සුමිත් දසනායක යන අයද එක්වුණා.
මෙම 79 වන ලෝක සෞඛ්‍ය සමුළුව මැයි 23 දක්වා ජිනීවාහි WHO මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.
