කපුරැල්ල උණුදිය තෙත්බිම සංරක්ෂණයට පියවර

අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය, සබෝගමුයෝය ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ පිහිටි කපුරැල්ල උණුදිය තෙත්බිම ශ්‍රී ලංකාවේ මෙතෙක් හමුවූ පළමු භූතාප තෙත්බිම ලෙස ඉතිහාසගත වී ඇත.
හෙක්ටයාර 20.1ක භූමි ප්‍රමාණයක් පුරා පැතිරී ඇති මෙම ප්‍රදේශය සංරක්ෂණය කිරීම සඳහා ගැසට් කිරීමට පරිසර අමාත්‍යාංශය, ජාතික ජල සම්පත් මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව කටයුතු කරමින් සිටී.
සාමාන්‍ය උණුදිය උල්පත් කුඩා පොකුණු ලෙස පවතින අතර, මෙහි විශේෂත්වය වන්නේ පුළුල් වගුරු ආකාරයකින් උණුදිය පැතිරී තිබීමයි. භූගත උෂ්ණ ජලය බුබුළු දමමින් මතුපිටට පැමිණෙන ආකාරයද මෙහිදී දැකගත හැකිය.
මෙම උෂ්ණ පරිසරයට අනුකූල විශේෂ ක්ෂුද්‍ර ජීවීන්, ජලජ ශාක සහ පක්ෂීන් රැසකට මෙම තෙත්බිම වාසස්ථානයක් වී ඇත.
ලොව ඉතා සීමිත සංඛ්‍යාවක් පමණක් ඇති භූතාප තෙත්බිම් අතරින් මෙය ශ්‍රී ලංකාවේ හඳුනාගත් එකම උණුදිය තෙත්බිම ලෙස සැලකේ. එය සංරක්ෂණය කිරීමෙන් භූ විද්‍යාත්මක පර්යේෂණ, උණුදිය උල්පත් අධ්‍යයන සහ පරිසර සංචාරක කර්මාන්තයටද විශාල අවස්ථා ලැබෙනු ඇත.
පසුගිය දා (12) එම ස්ථානයේ නිරීක්ෂණ කටයුතු පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර, ප්‍රාදේශීය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන්ද සහභාගී විය.
රජය පවසන්නේ මෙවැනි පරිසර පද්ධති ආරක්ෂා කරමින් “හරිත ජීවිතයක්” සඳහා වන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවයි.
