හැටන් අධ්‍යාපන කලාපයට හෙට සිට විශේෂ පාසල් නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් හැටන් අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් සඳහා හෙට (15) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරලා තියෙනවා.

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ උපදෙස් මත හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය මෙම තීරණය අරගෙන තියෙනවා කියලා දැනුවත් කලා.

ඒ අනුව, හැටන් අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් හෙට දිනයේ වසා තැබීමට අදාළ දැනුම්දීම විදුහල්පතිවරුන් වෙතද දැනුවත් කරලා.

තවද, වෙනත් අවශ්‍යතා සඳහා හෝ කිසිදු කටයුත්තක් සඳහා ගුරුවරුන් සහ සිසුන් පාසල් වෙත කැඳවීමෙන් වළකින ලෙස දැනුම් දීමකුත් කරලා.

 

Share This