තායිවානය ගැන අමෙරිකා–චීන නායකයින්ගේ සාකච්ඡා උණුසුම් වෙයි – චීන සහ තායිවාන අර්බුදය පිළිබද තීරණය දින දෙකකින්

ඇමරිකාව සහ චීනය අතර තියෙන තායිවාන් ප්‍රශ්නය ගැන දෙපාර්ශවයම නැවතත් දැඩි අදහස් ප්‍රකාශ කරලා තියෙනවා.
චීන ජනාධිපති ෂී ජින්පිං කියලා තියෙන්නේ, තායිවාන් ප්‍රශ්නය ඇමරිකා–චීන සබඳතා වල “ඉතාම සංවේදී සහ වැදගත්” කරුණක් කියලා. ඒ වගේම ඇමරිකාව මේ ප්‍රශ්නය හරියට handle නොකළොත් සබඳතා තවත් අවදානම් තත්ත්වයකට යා හැකියි කියලත් ඔහු අනතුරු අඟවලා තියෙනවා.
අනිත් පැත්තෙන්, තායිවාන් පැත්තෙන් කියන්නේ චීනය තමන්ගේ හමුදා බලය වැඩි කරලා තායිවානයට පීඩනය දානවා කියලා. ඒ නිසා සාමය සඳහා ලොකුම අවදානම චීනයේ මේ ක්‍රියාකලාපය කියලයි ඔවුන් කියන්නේ.
ඇමරිකා–චීන නායකයින් අතර මේ ප්‍රශ්නයත් එක්ක සාකච්ඡා තව දවස් දෙකක් පුරා පැවැත්වෙන්නත් නියමිතයි.
