මැණික් හා ස්වර්ණාභරණ කොල්ලකෑමකට සම්බන්ධ සැකකරුවෙකු රත්නපුරේදී අත්අඩංගුවට

රත්නපුර පොලිස් වසමෙන් මැණික් හා ස්වර්ණාභරණ ඇතුළු දේපළ කොල්ලකෑමකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2026 මැයි 12 වැනිදා උදෑසන කාලයේදී, රත්නපුර පොලිස් වසමේ කුරුවිට වැලිහිඳ ප්‍රදේශයේ නිවසකට රාත්‍රී කාලයේ ඇතුළු වී පිහියක් පෙන්වා නිවසේ සිටි අය බිය ගන්වා මැණික්, ස්වර්ණාභරණ සහ අනෙකුත් වටිනා දේපළ කොල්ලකෑමේ සිද්ධියක් පිළිබඳව පොලීසියට තොරතුරු ලැබී තිබුණා.

ඒ අනුව ක්‍රියාත්මක වූ රත්නපුර පොලීසිය සිදු කළ විමර්ශනවලදී සැකකරුවෙකු සොරාගත් දේපළ සමඟම අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35ක, කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද සඳහන්.

ඔහු 2026 මැයි 13 වැනිදා රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව, 2026 මැයි 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රත්නපුර පොලීසිය විසින් සිදුකරමින් පවතිනවා.

Share This