දිට්වා සුළි කුණාටු ආපදා ප්‍රතිලාභ ලබා ගන්න තීරණය ජූනි 15ට කලින් කියන්න – ඊට පස්සේ සහන නැහැ

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාව නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් තම තීරණ දැනුම්දීම සඳහා රජය අවසන් දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී තිබෙන්නේ, තම ප්‍රතිලාභී තීරණය මෙතෙක් දැනුම් දී නොමැති පවුල් ඒ සඳහා 2026 ජූනි 15 වනදාට පෙර තීරණය ලබාදිය යුතු බවයි.

දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්ව පූර්ණ හානියට පත් නිවාස හිමියන් සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් අධි අවදානම් ප්‍රදේශවල පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන ඇති පවුල් අතරින් සැලකිය යුතු පිරිසක්, නැවත පදිංචි වීම සම්බන්ධයෙන් තවමත් තම තීරණ දැනුම් දී නොමැති බව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලදී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව ජූනි 15 වනදාට පසුව තීරණය දැනුම් දෙන පවුල් සඳහා පූර්ණ නිවාස හානි ගෙවීම් හෝ නැවත පදිංචි කිරීමේ සහන ලබා නොදීමට කටයුතු කරන බවත්, ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

Share This