නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් වෙනුවෙන් විශේෂ පිළිගැනීමක්
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, නිල සංචාරයක් සඳහා චීනයට පැමිණි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට උණුසුම් පිළිගැනීමක් ලබා දී තිබෙනවා.
අද (14) උදෑසන බෙයිජිං නගරයේ මහජන මහා ශාලා පරිශ්‍රය ඉදිරිපිට විශේෂ පිළිගැනීමේ උත්සවයක් පැවැත්වුණා. එය චීන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.
උත්සවයේදී හමුදා උත්තමාචාර සහ පෙළපාළි ඇතුළු ගෞරව දැක්වීම්ද සිදු වූ අතර, ඊට පස්සේ දෙරටේ නායකයෝ මහජන මහා ශාලාවේදී සාකච්ඡා සඳහා එකතු වුණා.
ඒ අවස්ථාවේදී ෂී ජින්පිං මහතා කියලා තියෙන්නේ, මේ වෙලාවේ ලෝකය පෙර නොවූ විරූ වෙනස්කම් වලට මුහුණ දෙන නිසා ජාත්‍යන්තර තත්ත්වය ගැටුම්කාරී බවට පත්වෙලා තියෙනවා කියලායි.
චීනය සහ ඇමරිකාව “Thucydides උගුල”ට නොවැටී, ප්‍රධාන බලවත් රටවල් අතර නව ආකෘතියක සබඳතාවයක් ගොඩනගා ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නයත් ඔහු ඉස්මතු කළා. ඒ වගේම ලෝකයට බලපාන අභියෝග වලට එක්ව මුහුණ දෙලා වැඩි ස්ථිරතාවයක් ලෝකයට ලබා දිය හැකිද කියන දේත් ඔහු සඳහන් කළා.
චීනය සහ ඇමරිකාව සතුරන් නොවී හවුල්කරුවන් විය යුතු බවත්, දෙරට අතර සබඳතාවය නිවැරදි මාර්ගයක ඉදිරියට ගෙන යාමට ට්‍රම්ප් ජනාධිපතිවරයා සමග අදහස් හුවමාරු කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ෂී ජින්පිං මහතා කියා සිටියා.
ඒ අතර, 2026 වසර චීන–ඇමරිකා සබඳතා සඳහා වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් වෙයි කියලාත් ඔහු අපේක්ෂා කර තිබෙනවා.
