ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ‘ගම්පහ ඔස්මන්’ අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ‘ගණේමුල්ල සංජීව’ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔස්මන් ගුණසේකර නොහොත් ‘ගම්පහ ඔස්මන්’ නැමැත්තා කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව, ඊයේ (13) රාත්රියේ ගම්පහ ශ්රී බෝධි පාර ප්රදේශයේ පිහිටි නිවසේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත රීපීටර් (Repeater) වර්ගයේ ගිනි අවියක්, ජීව පතරොම් 10 ක්, පතරොම් ගැබ් (Magazines) 02 ක් හමු වූ බව සඳහන්.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් මෙම ඝාතන
ය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.
