ඉදිරි පැය 36 තුළ අඩුපීඩන පද්ධතිය ලංකාවෙන් ඉවතට – අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් තියෙන අඩු පීඩන කලාපය තවමත් ක්‍රියාත්මකයි. හැබැයි ඉදිරි පැය 36 ඇතුළත ඒ පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඈත් වෙමින් ටිකෙන් ටික දුර්වල වෙයි කියලා කාලගුණ දෙපාර්තමේන්තුව කියනවා.

අදත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර තැන්වලට මිලිමීටර් 100 ඉක්මවන තද වැසි ලැබෙන්න ඉඩ තියෙනවා.

අනිත් ප්‍රදේශවලත් පස්වරු 1ට පස්සේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන්න පුළුවන් කියලා සඳහන්.

ගිගුරුම් සහිත වැසි එක්ක තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවිය හැකි නිසා ජනතාව අවධානයෙන් ඉන්න කියලත් ඉල්ලීමක් කරලා තියෙනවා.

මේ අඩු පීඩන කලාපයේ බලපෑම නිසා මේ දවස්වල තියෙන වැසි සහිත කාලගුණය තවත් දින දෙකක් විතර දිගටම පවතිනු ඇති කියලා අපේක්ෂා කරනවා.

Share This