කුඩා තේ වතු හිමියන්ට තවත් පොහොර සහනාධාරයක්
කුඩා තේ වතු හිමියන්ට රුපියල් 5,000ක අතිරේක පොහොර සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේ, යුදමය තත්ත්වයත් සමඟ නැව් හා රක්ෂණ ගාස්තු ඉහළ යාම නිසා පොහොර මිල වැඩිවිය හැකි බවයි.
කෙසේවෙතත්, රට තුළ පොහොර හිඟයක් නොමැති බවත්, ගොවීන්ට වන පීඩනය අවම කිරීම සඳහා මෙම සහනාධාරය ලබාදෙන බවත් අමාත්‍යවරයා පැවසුවා.
කුඩා තේ වතු හිමියන්ට තවත් පොහොර සහනාධාරයක්
