ගාල්ල ඩික්සන් හන්දියේ වෙඩි තැබීමක්

ගාල්ල දංගෙදර, ඩික්සන් හන්දිය ප්රදේශයේ අද (12) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
පොලීසිය පැවසුවේ අද උදෑසන 7.30ට පමණ මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.
වෙඩි ප්රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ප්රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබුණත්, පසුව ඔහු මියගොස් ඇති බව වාර්තා වෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
