කිම්ජොං උන් ඝාතනය වුවහොත් න්‍යෂ්ටික ප්‍රහාරයක් ස්වයංක්‍රීයව දියත් කිරීමට උතුරු කොරියාව සැරසෙයි…
උතුරු කොරියාව තම නීති අලුත්
කරලා තියෙනවා කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව, උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන්ට හෝ ඔවුන්ගේ න්‍යෂ්ටික අණදෙන පද්ධතියට ප්‍රහාරයක් එල්ල වුණොත්, වහාම ස්වයංක්‍රීයව න්‍යෂ්ටික ප්‍රතිප්‍රහාරයක් දියත් කරන්න පුළුවන් විදිහටයි මේ නීති සකස් කරලා තියෙන්නේ.
සරලව කියනවා නම්, ඔවුන්ගේ නායකයාට හෝ න්‍යෂ්ටික පද්ධතියට අත තියන ඕනෑම ප්‍රහාරයකට “ක්ෂණික ප්‍රතිචාරයක්” දෙන්න රට සූදානම් කරලා තියෙනවා කියන එකයි.
මේ නිසා ලෝකයම, විශේෂයෙන් ආසියා කලාපය, තවදුරටත් ආතතියට පත්වෙන්න පුළුවන් කියලා විශ්ලේෂකයෝ කියනවා.
ඒ වගේම උතුරු කොරියාව මේකෙන් පැහැදිලි කරන්නේ, තමන්ගේ න්‍යෂ්ටික බලය සහ ආරක්ෂාව ගැන කිසිම අවදානමක් ගන්නේ නැහැ කියන දැඩි ස්ථාවරය කියලත් වාර්තා සඳහන් කරනවා.
