වසර 3ක් ඇතුලත කාන්තාවන්ට සයිබර් ප්‍රහාර 12,000ක් එල්ල වෙලා – මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල

ගතවූ වසර තුන තුළ කාන්තාවන්ට එරෙහි සයිබර් අපරාධ ගැන පැමිණිලි 12,000ක් වටා ලැබිලා තියෙනවා කියලා ආනන්ද විජේපාල මහජන ආරක්ෂක අමාත්‍යවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ කියලා තියෙනවා.
ඔහු කියන්නේ 2023, 2024, 2025 වසර තුන එකතු කරලා බලද්දී ඒ අතරින් 2,300ක් වටා පැමිණිලි විසඳලා තියෙනවා කියලා. 2023දී පැමිණිලි 4103ක් ලැබිලා තියෙන අතර ඒවෙන් 753ක් විසඳලා තියෙනවා, ඉතිරි 3348ක් ගැන තවමත් විමර්ශන හෝ නඩු කටයුතු යනවා.
2024දී පැමිණිලි 3159ක් ලැබිලා, ඒවෙන් 982ක් විසඳලා තියෙනවා, ඉතිරි 2177ක් ගැන තවමත් ක්‍රියාමාර්ග ගන්නවා. 2025දී නම් පැමිණිලි 4742ක් දක්වා වැඩිවෙලා තියෙනවා, ඒවෙන් 572ක් විතරක් විසඳලා තියෙන අතර ඉතිරි 4170ක් ගැන විමර්ශන හෝ නඩු පැවරීමට තියෙනවා කියලාත් අමාත්‍යවරයා සඳහන් කළා.
