US Post වෙත තැපෑල ගෙවපු මුදල් දෙවතාවක් තුන්වන පාර්ශවයක් හොරට අරගෙන

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ඇමරිකානු තැපැල් සේවයට (US Post) යවන්න තිබුණු අමෙරිකානු ඩොලර් 626,000කට වඩා වැඩි මුදලක් ව්‍යාජ ඊමේල් පණිවිඩ නිසා වෙනත් පාර්ශවයකට ලැබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
මේ වංචාව සිද්ධ වෙලා තියෙන්නේ නිල තොරතුරු එවන ‘විශ්ව තැපැල් සංගමයේ’ ඊමේල් ලිපිනයට සමාන වෙනත් හොර ඊමේල් ලිපිනයකින් ආ පණිවිඩ 3කට තැපැල් දෙපාර්තමේන්තුව රැවටීම නිසා බවයි කියන්නේ. ඒ අනුව 2025 පෙබරවාරි සහ ඔක්තෝබර් මාසවලදී අවස්ථා දෙකකදී ඩොලර් 435,864ක් සහ ඩොලර් 190,891ක් ලෙස මුළු ඩොලර් 626,755ක මුදලක් මේ විදිහට වැරදි පාර්ශවයකට ගෙවලා තියෙනවා.
ඇමරිකානු තැපැල් සේවයට අදාළ මුදල් නොලැබුණු බව දැනුම් දීමෙන් පස්සේ මේ ගැන පරීක්ෂණ ආරම්භ කරලා තියෙන අතර, කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ අද මේ කරුණු සියල්ල අනාවරණය වුණා.
