කච්චතිව් සමග යාපනය තමිල්නාඩුවට දිය යුතු බව අර්චූනා පාර්ලිමේන්තුවේදී කියයි
යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අර්චුන රාමනාදන් අද (05) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් සිදුකර තිබෙනවා.
එහිදී ඔහු සඳහන් කළේ, කච්චතිව් දූපත සමඟ යාපනයද තමිල්නාඩුවට භාරදිය යුතු බවයි. තමිල්නාඩු ජනතාව ශ්රී ලාංකික දෙමළ ජනතාවට වඩා හොඳ ආරක්ෂාවක් ලබාදෙනු ඇතැයිද ඔහු ප්රකාශ කර තිබෙනවා.
පාර්ලිමේන්තුව අමතමින් මන්ත්රීවරයා, ඉන්දීය නළුවෙකු සහ දේශපාලනඥයෙකු වන සී. ජෝසප් විජේගේ මෑතකාලීන මැතිවරණ ජයග්රහණයටද සුබ පැතුම් එක්කර තිබෙනවා.
එමෙන්ම, කච්චතිව් දූපත සම්බන්ධයෙන් විජේ කළ ඉල්ලීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රතික්ෂේප කළ බවද ඔහු සඳහන් කර ඇති අතර, “කච්චතිව් සමඟ යාපනයද තමිල්නාඩුවට ලබාදිය යුතුයි. තමිල්නාඩු ජනතාව අපව ආරක්ෂා කරයි” යනුවෙන්ද ප්රකාශ කර තිබෙනවා.
මේ අතර, උතුරු දූපත් ප්රදේශවල පවතින විදුලි ගැටලුව පිළිබඳවද ඔහු පාර්ලිමේන්තුවේදී අවධානය යොමු කර තිබෙනවා.
ඩෙල්ෆ්ට් දූපතේ මෑත සංචාරයකදී සතියකට දින පහක් පමණක් විදුලිය ලබාදෙන බව දැනගැනීමට ලැබුණු බව සඳහන් කළ මන්ත්රීවරයා, එම ප්රදේශවලට අඛණ්ඩ විදුලි සැපයුම ලබාදෙන්නේ කවදාදැයි රජයෙන් ප්රශ්න කර තිබෙනවා.
