ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් කර්මාන්ත පිහිටුවීම සඳහා ආයෝජකයින් වෙත ඉඩම් කොටස් වෙන් කර දීමට කැබිනට් අනුමැතිය
ප්‍රාදේශීය මට්ටමින් කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ප්‍රාදේශීය කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන යටතේ ආයෝජකයින් වෙත ඉඩම් කොටස් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
මෙම වැඩසටහන සඳහා ආයෝජකයින් තෝරා ගැනීම, ‘ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටුව’ සහ ‘අමාත්‍යාංශ ව්‍යාපෘති ඇගයීම් කමිටුව’ විසින් අදාළ ව්‍යාපෘති යෝජනා සම්පූර්ණයෙන් ඇගයීමෙන් අනතුරුව සිදුකර ඇති බව සඳහන්.
ඒ අනුව, ලැබී තිබූ ව්‍යාපෘති යෝජනා 16ක් අධ්‍යයනය කිරීමෙන් පසු, ප්‍රාදේශීය කර්මාන්තපුර 09කින් ඉඩම් කොටස් වෙන්කර දීමට එම කමිටු නිර්දේශ කර තිබෙනවා.
එම නිර්දේශ අනුව, අදාළ ආයෝජකයින් වෙත වසර 35ක දීර්ඝකාලීන බදු පදනම මත යෝජිත ඉඩම් කොටස් ලබාදීමට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
