ළමුන්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණ සඳහා වන ගෝලීය ප්‍රඥප්තිය පිළිගැනීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට දීර්ඝ කාලයක් තිස්සේ පාර්ශ්වකාර රාජ්‍යයක් ලෙස කටයුතු කරන අතර, ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ඇති ජාත්‍යන්තර බැඳීම් ඉටු කිරීමට කැපවී සිටින බව සඳහන්.

එම සම්මුතියේ මූලධර්ම මත පදනම්ව, ‘ළමුන්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණ සඳහා වන ගෝලීය ප්‍රඥප්තිය’ නමින් බහුපාර්ශ්වීය වැඩසටහනක්ද සකස් කර තිබෙනවා.

මෙම ප්‍රඥප්තිය මඟින් දරුවන් අනවශ්‍ය ලෙස පවුල්වලින් වෙන්වීම වැළැක්වීම, පවුල්වලට වැඩි සහය ලබාදීම සහ අවශ්‍ය අවස්ථාවලදී ආරක්ෂිත පවුල් පදනම් වූ රැකවරණ ක්‍රමවලට ප්‍රමුඛතාව ලබාදීම වැනි කරුණු අවධාරණය කරනවා.

එමෙන්ම, දරුවන් සඳහා ආයතනික රැකවරණ ක්‍රම ක්‍රමයෙන් අඩු කිරීමටද රජයන් පියවර ගත යුතු බව එමඟින් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව, ‘ළමුන්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණ සඳහා වන ගෝලීය ප්‍රඥප්තිය’ ශ්‍රී ලංකාව විසින් පිළිගැනීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බවයි වාර්තා වන්නේ.

Share This