කපිල චන්ද්‍රසේනට ඇප

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම නියෝගය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් ලබාදී ඇති බව සඳහන්.

ඒ අනුව, සැකකරු රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.

එමෙන්ම, කපිල චන්ද්‍රසේන මහතාට විදේශ ගමන් තහනමක්ද පනවා ඇති බවයි වාර්තා වන්නේ.

Share This