හෝමුස් තීරයේ නවතම ගැටුම් නිසා ලෝක බොරතෙල් මිල 6%කින් ඉහලට

පසුගිය පැය 24 තුළ ඉරානය විසින් මැදපෙරදිග ගල්ෆ් කලාපයේ නෞකාවලට ප්‍රහාර දැඩි කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගොස් ඇත.බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 6.79කින් (සියයට 6.3කින්) ඉහළ ගොස් ඩොලර් 114.96ක් ලෙස සටහන් විය. එමෙන්ම, අමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් බොරතෙල් මිල ඩොලර් 4.23කින් (සියයට 4.2කින්) ඉහළ ගොස් ඩොලර් 106.17ක් දක්වා වැඩි විය.

මෙය අප්‍රේල් මස මුලදී අමෙරිකාව සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාමයෙන් පසු වාර්තා වූ දරුණුතම ගැටුම්කාරී තත්ත්වය බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඉරානයේ ප්‍රහාර හේතුවෙන් තෙල් සැපයුමට බාධා ඇති විය හැකි බවට ඇති බිය වෙළඳපොළ තුළ තෙල් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී තිබේ.

Share This