මේ වසරේ මේ දක්වා ඩෙංගු මරණ 12යි ඒ අතර ළමුන් දෙදෙනෙකුත්

මේ වසරේ මේ දක්වා ඩෙංගු මරණ 12ක් වාර්තා වෙලා තියෙනවා කියලා ජාතික ඩෙංගු මර්දන ඒකකය කියනවා.
ඒ අතර අවුරුදු 12ට අඩු කුඩා ළමුන් දෙදෙනෙකුත් සිටින බව සඳහන්. එම මරණ කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා.
මේ අතර මේ වසර තුළ මේ දක්වා ඩෙංගු රෝගීන් 25,846ක් හඳුනාගෙන ඇති බවත් සෞඛ්‍ය අංශ පවසනවා.
කඩින් කඩ වැසි ඇතිවීම සහ මදුරුවන් බෝවීමට සුදුසු පරිසර තත්ත්වයන් හේතුවෙන් ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බවයි ඔවුන් අනතුරු අඟවන්නේ.

Share This