ආණ්ඩුවේ වැඩ ඩිජිටල් කරගන්න දක්ෂයින් 400ක් තෝරයි
ආණ්ඩුවේ සේවා වැඩිදියුණු කරලා ඩිජිටල් කරන්න රජය අලුත් වැඩපිළිවෙළක් ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා රාජ්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 400 දෙනෙකුගෙන් “PIC-Net” කියන විශේෂ කණ්ඩායමක් තෝරන්න යනවා.
මෙම වැඩසටහනට අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන සහ පළාත් සභා ඇතුළු ආයතන 95ක් එක්වන අතර, තෝරාගන්නා නිලධාරීන් “ඩිජිටල් පරිවර්තන ශූරයන්” ලෙස කටයුතු කරනවා.
ජනාධිපති ලේකම් කාර්යාලය, GovTech Sri Lanka සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව මෙය ක්‍රියාත්මක කරන අතර, රාජ්‍ය සේවාව නවීන තාක්ෂණයට ගැළපෙන ලෙස වෙනස් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
සෑම ආයතනයකින්ම ඩිජිටල්, අත්දැකීම්, ක්‍රියාවලි සහ පරිවර්තන ශූරයන් ලෙස නිලධාරීන් 4 දෙනෙකු පත් කිරීමට නියමිතයි.
තෝරාගන්නා නිලධාරීන්ට ඩිජිටල්කරණය, සේවා වැඩිදියුණු කිරීම සහ වෙනස්කම් කළමනාකරණය පිළිබඳ විශේෂ පුහුණු වැඩසටහන් ලබාදීමටත් සැලසුම් කර තිබෙනවා.
