ජාතික චිත්‍රපට සංස්ථාව යටතේ සිනමා පාසලක් පිහිටුවීමට පියවර 

ජාතික චිත්‍රපට සංස්ථාව යටතේ අලුත් සිනමා පාසලක් ආරම්භ කරන්න සැලසුම් කරලා තියෙනවා.

මේ ගැන විශේෂ සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

එහිදී ශ්‍රී ලංකා සිනමා ක්ෂේත්‍රයට අවශ්‍ය වෘත්තීය දැනුම, නව තාක්ෂණික හැකියාවන් සහ කලාත්මක නිපුණතා තියෙන නව පරපුරක් බිහිකිරීමේ අරමුණින් මේ සිනමා පාසල පිහිටුවීම ගැන අවධානය යොමු වුණා.

චිත්‍රපට නිෂ්පාදනය, පුහුණුව, පර්යේෂණ සහ නවෝත්පාදන සඳහා සංවිධානාත්මක වේදිකාවක් ලෙස මේ පාසල ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ වගේම, මේ හරහා දේශීය සිනමාවේ ගුණාත්මකභාවය ඉහළ දමා ජාත්‍යන්තර මට්ටමේ තරගකාරීත්වයක් ඇති කිරීමටත්, ශ්‍රී ලංකා සිනමා කර්මාන්තයේ දිගුකාලීන සංවර්ධනයටත් දායකත්වයක් ලැබෙනු ඇති බවත් සඳහන් වුණා.

Share This