විදෙස් ප්‍රේෂණ 26.5%කින් ඉහ­ළට

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට එවන මුදල් ප්‍රමාණය මේ වසරේ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව කියන්නේ, පසුගිය වසරේ මුල් මාස තුන තුළ මෙරටට ලැබුණු සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 1,814.4ක් වුණත්, මේ වසරේ එම කාලය තුළ එය අමෙරිකානු ඩොලර් මිලියන 2,294.9ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඒ කියන්නේ, පසුගිය වසරට සාපේක්ෂව සියයට 26.5ක වර්ධනයක්.

ඒ වගේම, මේ වසරේ මාර්තු මාසයේදී පමණක් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අමෙරිකානු ඩොලර් මිලියන 814.8ක් මෙරටට එවා තිබෙනවා.

පසුගිය 2025 මාර්තු මාසයේදී එම අගය අමෙරිකානු ඩොලර් මිලියන 693.3ක් වූ අතර, ඒ අනුව මේ වසරේ මාර්තු මාසයේ ප්‍රේෂණ ප්‍රමාණය සියයට 17.5කින් ඉහළ ගොස් ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවේ සඳහන් වෙනවා.

Share This