වැඩිවූ තෙල් මිල දරාගත නොහැකිව අමෙරිකාවේ අඩුම මිලට උඩින් ගිය Spirit Airlines වැඩ නවතා දමයි
අමෙරිකාවේ අඩු මිල ගුවන් සේවාවක් වෙච්ච Spirit Airlines එක වැඩ නවත්තලා දාලා තියෙනවා. මේක වෙලා තියෙන්නේ 2026 මැයි 2 වෙනිදා. මේකෙන් දහස් ගණන් මගීන් හදිසියේම අතරමං වෙලා තියෙනවා, ඒ වගේම සේවකයන්ටත් ලොකු බලපෑමක් වෙලා තියෙනවා.
මේ ගුවන් සමාගම බංකොලොත් තත්ත්වයට පත් වෙලා තිබ්බා. ඒකට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ ඉන්ධන මිල බරපතල ලෙස ඉහළ යාම. විශේෂයෙන්ම ඉරානය සම්බන්ධ යුද්ධ තත්ත්වය නිසා ලෝකය පුරා ඉන්ධන මිල වැඩිවෙලා තිබුණා.
ඒත් මෙයාලාව බේරගන්න අමෙරිකානු රජයෙන් ඩොලර් මිලියන 500ක ආධාරයක් දාන්න උත්සාහ කරාට, ණය දායකයෝ ඒකට එකඟ වෙලා නැහැ. ඒ නිසා සමාගමට වැඩ දිගටම කරගෙන යන්න බැරිවෙලා තියෙනවා.
මේකත් එක්ක මගීන් හරි අසීරු තත්ත්වයකට පත්වෙලා තියෙනවා. ඒත් වෙනත් ගුවන් සමාගම් වගේ Delta, United, JetBlue, Southwest වගේ ඒවගෙන් අඩු මිලට ටිකට් දීලා හෝ උදව් කරලා ඒ මිනිස්සුන්ට ගමන් යන්න උත්සාහ කරනවා.
මෙම සමාගම වැටුණ එක ගුවන් කර්මාන්තයට ලොකු බලපෑමක් කියලා කියනවා. මොකද මේක අඩු මිල ගුවන් ගමන් වලට ලොකු දායකත්වයක් දුන්න එකක්. ඒක නැතිවීමෙන් ඉදිරියට ගුවන් ටිකට් මිලත් වැඩි වෙන්න පුළුවන් කියලා විශ්ලේෂකයන් කියනවා.
