මූල්‍ය ජාවාරම් සහ නීතිවිරෝධී ක්‍රියාකාරකම් කළ විදෙස් ජාතිකයන් සියයකට අධික පිරිසක් රාජගිරියෙන් අල්ලයි

රාජගිරිය, මැද වැලිකඩ පාරේ තියෙන තැනක පොලිසිය රේඩ් එකක් දාලා විදෙස් ජාතිකයින් 120කට ලගින් පිරිසක් අත්අඩංගුවට අරගෙන තියෙනවා.

මේ අය නීති විරෝධී මූල්‍ය ජාවාරම් සහ වෙනත් වැරදි වැඩ කරලා තියෙනව කියලා සැකයි.

අල්ලපු අය අතර චීන, වියට්නාම, මැලේසියා, මැඩගස්කර්, පිලිපීන, තායිලන්ත, කාම්බෝජ වගේ රටවල් වලින් ආපු අයත් ඉන්නවා කියලා කියනවා.

එතන තිබ්බ පරිගණක, ජංගම දුරකථන වගේ උපකරණ ගොඩක්වත් පොලිසිය අත්පත් කරගෙන තියෙනවා.

මේ කට්ටිය මැද වැලිකඩ පාරේ තියෙන මහල් නිවාසයක් මහල් කිහිපයක් කුලියට අරගෙන එතනින්ම මේ වැඩේ කරගෙන ගියා කියලා හෙළිවෙලා තියෙනවා.

ඒ වගේම පොලිසිය එතනට ගියා වෙලාවේ කට්ටියෙන් කොටසක් පලාගිහින් තියෙනවා. ඒ අයව අල්ලගන්න වැඩිකඩ පොලිසිය තවදුරටත් පරීක්ෂණ කරගෙන යනවා.

Share This