දින 10ක් තුළදී දෙවන ඉන්ධන නෞකාවත් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්රහණයට
යේමන මුහුදු සීමාවට අසලින් ගිය ඉන්ධන නෞකාවක් සෝමාලි මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගෙන තියෙනවා කියලා විදෙස් මාධ්ය වාර්තා කරනවා.
MT Eureka කියන මේ නෞකාව එහෙම පැහැරගෙන තියෙනවා කියලා යෙමන වෙරළාරක්ෂක අංශ කියනවා. මේ නෞකාව සෝමාලියාව දිශාවට ගමන් කරමින් හිටියා කියලාත් සඳහන්.
ඒඩන් බොක්කේ, කානා වරාය අසලදී මුහුදු කොල්ලකරුවන් මේ නෞකාව අල්ලාගෙන තියෙනවා. එතකොට මේ නෞකාව ටෝගෝ රටේ ධජය යටතේ යාත්රා කරමින් හිටියා කියලාත් වාර්තා වෙනවා.
මේ නෞකාව එක්සත් අරාබි එමීර් රාජ්යයේ Sharjah නගරය පදනම් කරගත් නැව් සමාගමකට අයත් එකක්. ඒක Fujairah නගරයෙන් දින 8කට කලින් පිටත් වෙලා, යෙමනේ අල් මුකල්ලා වරාය අසල නැංගුරම් දාලා තිබ්බ වෙලාවේ මේක සිද්ධ වෙලා තියෙනවා.
මෙය දින 10ක් ඇතුළත සිදුවූ දෙවැනි ඉන්ධන නෞකා පැහැරගැනීමක් කියලාත් වාර්තා වෙනවා.
ඒකට කලින් අප්රේල් 22 වෙනිදා, Honor 25 කියන තවත් නෞකාවක්, ඉන්ධන බැරල් 18,500ක් අරගෙන Mogadishu වෙත යන අතරේම පැහැරගෙන තිබුණා.
විශේෂඥයන් කියන්නේ, සෝමාලියා මුහුදු කොල්ලකෑම් මේ දවස්වල නැවත වැඩි වෙමින් තියෙනවා කියලා. පසුගිය සති දෙක ඇතුළතම මෙවැනි සිද්ධි 4ක් වාර්තා වෙලා තියෙනවා.
ඒ වගේම 2011 පස්සේ අඩුවෙලා තිබ්බ මේ මුහුදු කොල්ලකෑම්, 2023 අවසානයෙන් පස්සේ නැවත ඉහළ යන්න පටන් අරගෙන තියෙනවා කියලාත් සඳහන්. ඒකට හේතුවක් වශයෙන් හවුත් කැරලිකරුවන් ඒඩන් බොක්ක සහ රතු මුහුදේ නැව්වලට ප්රහාර එල්ල කිරීමත් කියලා විදෙස් වාර්තා කියනවා.
