හජ් වන්දනා කරන්න ලංකාවේ පළමු වන්දනා නඩය මක්කම බලා පිටත්ව යයි

2026 හජ් වන්දනා සමය දැන් නිල වශයෙන් ආරම්භ වෙලා තියෙනවා.

ඊයේ (01) රෑ 325 දෙනෙකුගෙන් සමන්විත පළමු වන්දනා කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළෙන් ජෙඩා නගරයට පිටත් වෙලා තියෙනවා.

මේ අවස්ථාවට සම්බන්ධව ගුවන් තොටුපොළේ උත්සවයක්ත් පැවැත්වුණා. ඒකට නියෝජ්‍ය කතානායක රිස්වි සාලි, ශ්‍රී ලංකාවේ සෞදි තානාපති කාලීඩ් හමූද් අල් කහ්තානි සහ හජ් කමිටුවේ උසස් නිලධාරීන් පිරිසක් ද සහභාගී වුණා.

මේ පළමු ගමන සඳහා සෞදියා ගුවන් සේවය විශේෂ ගුවන් යානයක් යොදවා තිබුණා. SV-839 කියන ගුවන් යානය ඊයේ රෑ 9.05ට පිටත් වෙලා තියෙනවා.

මෙම වසරේ හජ් වන්දනාව සඳහා ශ්‍රී ලංකාවෙන් 3,500 දෙනෙකු තෝරාගෙන ඇති අතර, ඔවුන් කටාර් ගුවන් සේවය සහ සෞදියා ගුවන් සේවාව භාවිතා කරමින් මක්කම වෙත රැගෙන යාමට නියමිතයි.

Share This