දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් එක් මංතීරුවකට සීමාවෙයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම – දොඩංගොඩ අතර මාතර දෙසට යන මංතීරුවේ අද (01) අළුත්වැඩියා කටයුතු සිදුකරන බව පොලීසිය පවසනවා.
ඒ අනුව කිලෝමීටර් 17 සිට 19 දක්වා සහ 28 සිට 30 දක්වා කොටස්වල රථවාහන ධාවනය එක් මංතීරුවකට පමණක් සීමා කර තිබෙනවා.
මෙම කාලය තුළ රථවාහන ධාවනය කොළඹ දෙසට ඇති මංතීරු දෙක භාවිත කරමින් දෙපසටම ගමන් කළ හැකි ආකාරයට සංවිධානය කර ඇති බවයි පොලීසිය සඳහන් කරනවා.
ඒ හේතුවෙන් එම ප්රදේශවල රථවාහන ත
දබදයක් වෙන්න පුලුවන් බැවින් සහ අනතුරු අවදානමක් තියෙන නිසා රියදුරන්ගෙන් විශේෂ සැලකිල්ලෙන් රිය පදවන ලෙස පොලීසිය ඉල්ලා සිටිනවා.
