ගූගල් නවතම AI මධ්‍යස්ථානය ඉන්දියාවේ
ඉන්දියාවේ විශාකාපට්නම් නගරයේ ගූගල් සමාගම විසින් නව කෘතිම බුද්ධි හෙවත් AI මධ්‍යස්ථානයක් ඉදිකිරීම ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඉන්දියාව සිදුකරන විශාලතම ආයෝජන අතරින් එකක් ලෙස මෙම ව්‍යාපෘතිය සැලකෙන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.
මෙම AI මධ්‍යස්ථානය ඉදිකිරීම ආරම්භ කිරීම සනිටුහන් කරමින් පැවති සමාරම්භක උත්සවයට ඉන්දීය මධ්‍යම තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා, ආන්ද්‍ර ප්‍රදේශ් මහ ඇමතිවරයා සහ එම ප්‍රාන්තයේ තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
අනාගත තාක්ෂණික සංවර්ධනය සහ AI ක්ෂේත්රයේ ඉන්දියාවේ ශක්තිය තවදුරටත් වර්ධනය කිරීමේ වැදගත් පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය හඳුන්වා දී තිබෙනවා.
