හිරේ ඉන්න අවුන් සාන් සුකී නිවාස අඩස්සියට | “හැබැයි තවමත් අම්මා ගැන ආරංචියක් නෑ”-සුකීගේ පුතා කියයි
මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සූ කීව නිවාස අඩස්සියට මාරු කරන්න හමුදා ජුන්ටාව තීරණය කරලා තියෙනවා කියලා රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.
2021 හමුදා කුමන්ත්රණයෙන් පස්සේ වසර ගණනාවක් රඳවාගෙන හිටපු සූ කී ගැන මේ වගේ වෙනසක් සිදුවෙන්නේ පළමු වතාවටයි කියලාත් සඳහන් වෙනවා.
80 හැවිරිදි නොබෙල් ත්‍යාගලාභිනියක් වන අවුන් සාන් සූ කී, හමුදාව බලය අල්ලා ගත්ත දා ඉඳන්ම රඳවාගෙන හිටියා.
රාජ්‍ය රූපවාහිනී නාලිකාව වන MRTV කියන්නේ, ඇයට ඉතිරි දඬුවම් කාලය හමුදාව විසින් නම් කරන ලද නිවසක ගත කරන්න ඉඩ දෙන බවයි.
වසර ගණනාවකට පස්සේ සූ කී ගැන මෙවැනි තොරතුරක් මහජනතාවට දැනුම් දී තිබීමත් විශේෂත්වයක් වෙලා තියෙනවා.
මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මේ තීරණය ගැන ප්‍රසාදය පළ කරලා තියෙනවා. ඔවුන් කියන්නේ, මියන්මාරයේ ප්රචණ්ඩත්වය අවසන් කරලා විශ්වාසදායක දේශපාලන ක්‍රියාවලියක් ඇතිකරගැනීම වැදගත් කියලායි.
හැබැයි සූ කීගේ පවුලේ අය සහ ආධාරකරුවන් අතර තවමත් කනස්සල්ල පවතිනවා. ඇගේ පුතා කිම් අරිස් කියන්නේ, තම මව කොහෙද ඉන්නේ කියලා හෝ ඇයගේ තත්ත්වය ගැන තවමත් නිශ්චිත තොරතුරක් නැහැ කියලයි.
ඇය ජීවතුන් අතර සිටින බවට සාක්ෂියක් ලබාදෙන්න කියලාත් ඔහු ඉල්ලලා තියෙනවා.
මේ අතර සූ කීගේ නීතිඥ කණ්ඩායමටත් මේ වෙනස ගැන කිසිම නිල දැනුම්දීමක් ලැබිලා නැහැ කියලා වාර්තා වෙනවා.
දේශපාලන චෝදනා ගණනාවක් යටතේ අවුන් සාන් සූ කීට මුලින් වසර 33ක සිරදඬුවමක් නියම කර තිබුණා.
