වනජීවී නිලධාරීයකුට වල් ඌරෙකු පහර දෙයි

විල්පත්තුව ජාතික වන උද්‍යානයේ රාත්‍රී මුර සංචාරයක නිරතව සිටි වනජීවී නිලධාරියෙකුට වල් ඌරෙකුගේ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම අනතුරෙන් ඔහුගේ පාදවලට බරපතල තුවාල සිදුව ඇති අතර, ඔහු වහාම ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

සිද්ධිය සිදුවන අවස්ථාවේ, ඔහු එළුවන්කුලම වනජීවී කාර්යාලයට අයත් රථයකින් තවත් නිලධාරීන් තිදෙනෙකු සමඟ පොම්පරිප්පුව ආසන්න විල්පත්තුව ප්‍රදේශයේ රාත්‍රී මුර සංචාරයක නිරත වෙමින් සිට ඇති අතර, එම වෙලාවේදී ඔහු රථයෙන් බැස කටයුතු කරමින් සිටියදී මෙම වල් ඌරාගේ ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

Share This