මීළග නඩු විභාගයට පෙර රනිල් වික්‍රමසිංහට අධිචෝදනා -අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඇති රාජ්‍ය මුදල් අවභාවිතා කළා කියන චෝදනාව සම්බන්ධ නඩුව අද (29) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගන්නා ලදි.
මෙම නඩුව විභාග කරපු අවස්ථාවේදී, විනිසුරු ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේ මේ විමර්ශන කටයුතු ඉක්මනින් අවසන් කරලා, නැත්නම් අධිචෝදනා ගොනු කරනවාද, නැත්නම් ඔහු නිදහස් කරනවාද කියලා පැහැදිලි තීරණයක් ගන්න කියලායි.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට කියලා තියෙන්නේ, ඊළඟ නඩු දිනයට පෙරම අනිවාර්යයෙන්ම අධිචෝදනා ගොනු කරන බවයි.
මේ චෝදනාව තියෙන්නේ, නිල සංචාරයක් කියලා කියලා පෞද්ගලික සංචාරයක ගිහින් රජයේ රුපියල් මිලියන 16.6ක් වගේ මුදලක් වැරදි ලෙස භාවිතා කරලා තියෙනවා කියන එකයි. ඒකට පොදු දේපළ පනත යටතේ නඩු පැවරීලා තියෙනවා.
කෙසේ වෙතත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අධිකරණයට පැමිණිලා නෑ.
ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා අධිකරණයට කියලා තියෙන්නේ, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ නැති නිසා අද නඩුවට එන්න බැරි වුණා කියලා, ඒ ගැන වෛද්‍ය වාර්තාත් ඉදිරිපත් කරලා තියෙනවා.
ඊට පස්සේ පැමිණිල්ල පැත්තෙන් තව වැඩිදුර විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරලා, නඩුව සම්බන්ධ තව කරුණුත් ඉදිරිපත් කරලා තියෙනවා.
