ක්‍රිකට් අතුරු කමිටුවේ සාමාජිකයන් ලෙස මහානාම,සංගක්කාර,සිදත් ඇතුළු පිරිස මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති විදිහට ඉරාන් වික්‍රමරත්න මහත්තයා පත් කරලා තියෙනවා.
මේ කමිටුවේ අනිත් සාමාජිකයන් වෙන්නේ රොෂාන් මහානාම,කුමාර් සංගක්කාර,තුෂිර රදැල්ල,සිදත් වෙත්තමුනි, අවන්ති කොළඹගේ,ප්‍රකාශ් ෂාෆ්ටර්,උපුල් කුමාරප්පෙරුම සහ ඩිනාල් පිලිප්ස්.
මේක වෙලා තියෙන්නේ ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහත්තයා ඇතුළු විධායක කමිටුව ඉල්ලා අස්වෙලා පස්සේ. දැන් ඒකේ කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශය යටතට ගෙන තියෙනවා.
ඒ නිසා, නව නිලධාරී මණ්ඩලයක් නිලවරණයකින් පත් කරනකල්, ක්‍රිකට් ආයතනයේ තීරණ ගන්න වැඩ ඔක්කොම ඉරාන් වික්‍රමරත්න මහත්තයාගේ නායකත්වයෙන් යන මේ අතුරු කමිටුව තමයි කරන්නේ.
