හර්ෂණ සූරියප්පෙරුම රාජ්‍ය මුදල් කාරක සභාවට පැමිණීම ප්‍රතික්ෂේප කරයි

අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක සයිබර් හොරකම ගැන ප්‍රශ්න කරන්න භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ලොක්කන් පිරිසක් හෙට (30) රාජ්‍ය මුදල් කාරක සභාව (COPF) හමුවට කැඳවලා තිබුණා. මේ තීරණය ගත්තේ ඊයේ (28), ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන්.

ඒත්, භාණ්ඩාගාර ලේකම්වරයා කාරක සභාවට ලිපියක් එවමින් දන්වලා තියෙන්නේ හෙට දවසේ මේ කාරක සභාව හමුවේ පෙනී සිටින්න බැරි බවයි. මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ, ඒ ලිපිය අද (29) කාරක සභාවට ලැබුණු බවයි.

Share This