හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද අධිකරණයට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනු කරලා තියෙන නඩුව අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතව තිබෙනවා.

මෙම නඩුව ගොනු කරලා තියෙන්නේ, ඔහු ජනාධිපති ධුරයේ සිටි කාලයේදී තම බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධාන උත්සවයකට සහභාගි වීම සඳහා ලන්ඩනයට ගිය අවස්ථාවේ රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන්.

Share This