සරම්ප රෝගය යළි හිස ඔසවන ළකුණු

සරම්ප රෝගය නැවතත් ලංකාවේ පැතිරෙන්න පටන් අරන් තියෙනවා කියලා සෞඛ්‍ය අංශ කියනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ළමයි දෙන්නෙක් මේ රෝගයට ගොදුරු වෙලා හඳුනාගෙන තියෙනවා. ඒ නිසා එන්නත් සම්පූර්ණයෙන්ම ගන්න නැති, හෝ එක මාත්‍රාවක් විතරක් ගත්ත දරුවන්ට ඉක්මනින් එන්නත් ගන්න කියලා උපදෙස් දෙනවා.

ලංකාව 2019දී සරම්ප තුරන් කළ රටක් කියලා World Health Organization කියලා තිබුණත්, 2023 ඉඳලා ආයෙත් කීප තැන්වලින් වාර්තා වෙලා තියෙනවා.

වෛද්‍යවරු කියන්නේ මේ වෛරසය පිටරටින් ආපු එකක් වෙන්න පුළුවන් කියලා. තව එක වැදගත් දෙයක් තමයි, සරම්ප හැදුණාට පස්සේ ශරීරයේ ප්‍රතිශක්තියත් අඩු වෙන්න පුළුවන්, අනිත් රෝග වලටත් පහසු වෙන්න පුළුවන්.

එතනින් තවත් භයානක දේවල් තියෙනවා සරම්ප සුව වුණාටත් වසර ගණනාවකට පස්සේ මාරාන්තික තත්ත්වයක් (SSPE) වගේ දේවල් එන්නත් පුළුවන්.

ඒ නිසා මේක සැහැල්ලුවට ගන්න බැහැ, ළමයින්ට එන්නත් ටික සම්පූර්ණයෙන්ම ගන්න එක ඉතා වැදගත්.

Share This